නීතීඥ සමන්ති ජයමාන්න පරණගම
හැදින්වීම
කෝවිඩ් 19 වෛරසය පැතිරීයාමත් සමග මරණයට ඇතිවන්නාවු භීතිය හා මතුවිය හැකි ඉදිරි ගැටලු සදහා මුහුණ දීමට ඇති නොහැකියාවත් මත සියදිවි හානිකර ගැනීම් කීපයක් විදෙස් මාධ්‍ය මගින් වාර්තා වෙයි.
කෝවිඩ 19 හා ආශ්‍රිත පළමු සියදිවි හානිකර ගැනීම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඔහු 50 වියැති තිදරු පියෙකි. ලෝක ව්‍යාප්ත වසංගතයක් වැළදීම හමුවේ ඇතිවන්නාවු භිය, සාංකාව, ශෝකය හා සබැදි අවුල් සහගත තත්වය මීට හේතු වී ඇති බව සදහන් වේ. මෙම පුද්ගලයා කෝවිඩ 19 වෛරසය පිළිබද වීඩියෝ අඛණ්ඩව නරඹමින් ඔහුටද එම වෛරසය ආසාධිත බැවින් තම පවුලේ සාමාජිකයන්ට වැළදේ යන බියෙන් ව්‍යකුල වී අධෛර්‍යමත්ව සියදිවි හානිකර ගත් බව සදහන්‍වේ.
මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන්නේ 19 වියැති තරුණ ගැහැණු දරුවකු වෛරසය ආසාධිත නොවුනද වසා දැමීම් හා හුදකලා කිරීම් පිළිබද ප්‍රචාරය කිරීම් හමුවේ බියට පත් වී සියදිවි හානි කර ගත් බවකි.
සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කටයුතු කළ හෙදියන් දෙදෙනෙකු එකී අත්දැකීම සමග ඇතිවූ මානසික ක්ෂිතිය මත සියදිවි හානි කර ගත්බව ඉතාලියෙන් හා මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තාවේ.
මේ අතර ජර්මනියේ ආර්ථික කටයුතු භාර අමාත්‍යවරයා ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අර්බුදය හමුවේ ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඇති නොහැකියාව පිළිබදව කළකිරීමට පත්ව සියදිවි හානි කර ගත් බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව තුල මෙතෙක් කෝවිඩ් 19 ව්‍යසනය හා සබැදි සියදිවි හානි කර ගැනීම් වාර්තා නොවීම සතුටුදායක තත්වයකි.
සියදිවි හානිකර ගැනීම යනු තමා විසින් තමාගේ ජීවිතය අවසන් කර ගැනීමයි. එසේම මැරෙන බව ස්ථීර වශයෙන්ම දැන මරණයට පත්වන පුද්ගලයා විසින් යොදා ගනු ලබන ක්‍රියාවක් මගින් සිදුවන මරණය සියදිවි හානිකර ගැනීම ලෙසද හඳුන්වයි.
ප්‍රසිද්ධ ප්‍රංශ අධිරාජයෙකු වන නැපොලියන් බොනපාට් වරක් ප්‍රකාශ කර ඇත්තේ මරණයට වඩා වැඩි එඩිතරකමක් ජීවත්වීමට තිබිය යුතු බවයි. එය එසේ නොවන කළ කරදර අභියෝග හමුවේ තම කැමැත්තෙන්ම ප්‍රශ්න නැති කර ගැනීමට තම ජීවිතය නැතිකර ගැනීම ගෝත්‍රික අවධියේ සිට පැවතෙන්නකි.
සෑම වසරකම ලෝක ප්‍රජාවෙන් 800,000 පමණ සියදිවි හානිකර ගන්නා බව පවසන ලෝක සෞඛ්‍යය සංවිධානය මෙය වැලැක්විය හැකි මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස පෙන්වා දෙයි.
සියදිවි හානිකර ගැනීම් වසරකට ලෝකය පුරා ලක්‍ෂ 8 – 10 වාර්තා වන විට සියදිවි හානිකර ගැනීමට තැත් කිරීම් මිලියන 10ක් පමණ වාර්තාවන බව සදහන් වේ.
රෝග ව්‍යසන තත්වව හමුවේ සියදිවි හානිකර ගැනීමේ වර්ධනයක් එකී කාලවකවානුවල දත්ත තුලින් නිරීක්ෂනය වේ.
සියදිවි හානිකර ගැනීමට හේතු වන සුලබ හා පොදු කාරණා රැසකි. අපේක්‍ෂිත පිළිවෙල බිඳවැටීම මගින් අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට නොහැකිවීම ඉන් ප්‍රධාන වේ. ප්‍රේම සබඳතා, විරැකියාව, දුගී බව, ණය ගැති බව, මත්ද්‍රව්‍ය අබ්බැහිවීම් වලින් මිදීමට නොහැකි වීම, මානසික පීඩනය හා වෙනත් මනසික රෝග, නිදන්ගත රෝග, පවුල් ආරවුල් හා ක්‍ෂණික ආවේගකාරී සිතුවිලි හදුනාගෙන ඇති කරනු අතර වේ. එසේම විරෝධතාවය පළ කිරීමේ ක්‍රමයක් ලෙසද යුද්ධ ගැටුම්වලදී ත්‍රස්ත උපක්‍රමයක් ලෙසද සියදිවි හානිකර ගැනීම් සිදුවේ.
සියදිවි හානිකර ගැනීම අපරාධයක ද?
ජීවත්වීමට අයිතියක් ඇත. කුමන තත්වයක් යටතේ හෝ ජීවත්වීමේ අයිතිය සීමා නොකළ යුතුබව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකි.
රෝම ලන්දේසි නීතියේ සියදිවි හානිකර ගැනීමට තැත්කිරීම අපරාධයක් ලෙස නොසලකයි.
ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් සේ පිළිගන්නා ඉන්දීය බලධාරීන් මරණයට පත්වීම අයිතියක් නොවන බව ප්‍රකාශ කරයි
දකුණු ආසියාතික රාජ්‍යයන් අතරින් ඉන්දියාව, පකිස්තානය, බංගලිදේශය හා මලයාසියාව සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධයක් සේ සලකන අතරම මාලදිවයින, තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධය නීතියෙන් බැහැර කර ඇත.
මැද පෙරදිග රාජ්‍යයන් හා කෙන්යාව , මාලාවි, නයිජීරියා, රුවන්ඩා, ටැන්සානියා, ඝානා හා උගන්ඩාව වැනි අප්‍රිකානු රාජ්‍යයන් සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධයක් සේ සලකයි.
එංගලන්තයේ යටත්විජිතයන් ව පැවති රාජ්ය්‍යන් තම පැරණි දණ්ඩ නීති සංග්‍රහයන් කාලීනව සංශෝධනය නොකළද එංගලන්තය සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධ නීතියෙන් ඉවත් කිර්‍රිම් 1961 වසර වන විට සිදුකර ඇත.
සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධයක් සේ සැලකීමට ආගමික සංස්ථා බලපා ඇති අතර ප්‍රංශ විප්ලවයෙන් පසු සංවර්ධිත රාජ්ය්‍යන් සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධ නීතියෙන් ඉවත් කිර්‍රිමට පෙළඹී ඇත.
ලෝක සෞඛ්‍යය සංවිධානය මේ වන විට රාජ්‍යයන් 59 පමණ සියදිවි හානි කර ගැනීමට තැත්කිරීම අපරාධය නීතියෙන් බැහැර කර ඇති බව සදහන් කරයි.
ශ්‍රි ලංකාවේ නීති තත්වය
ශ්‍රී ලංකා නීතිය තුල සියදිවි හානිකර ගැනීමට තැත් කිරීම දඩුවම් ලැබියහැකි වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ මනුෂ්‍ය ශරීරය සම්බන්ධ වැරදි හා ජීවිතය සම්බන්ධ වැරදි පරිච්ඡේදයේ 302 වගන්තියේ මෙසේ සඳහන් වී තිබුණි.
‘යම් තැනැත්තෙකු සිය පණ නැතිකර ගැනීමට තැත් කරතොත් හා ඒ වරද සිදු කිරීම සඳහා යම් ක්‍රියාවක් කළ හොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකෙන්ම දඩුවම් කල යුතුය’.
මෙම නීති තත්වය යුක්ති සහගත නොවන බැවින් 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධිත පනත මගින් එකී 302 වගන්තිය ඉවත් කර ඇත.
ඒ අනුව සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් බව ශ්‍රී ලංකා නීතිය ඉදිරියේ සැලකෙන්නේ නැත.
සියදිවි හානිකර ගැනීමට තැත්කිරීම අපරාධ නීතිය තුලින් ඉවත් කිරීම තුලින් සියදිවි හානිකර ගැනීම් හි අඩුවීම්ක් සිදු නොවන බව බොහෝ අධ්‍යනයන් පෙන්නුම් කරන නමුත් ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ එවැනි වෙනස්කම් මගින් සියදිවි හානිකර ගැනීම් හි අඩුවීම්ක් සිදුවන බවයි. නීතිමය බාධා නොවන විට වාර්තාවීම් ඉහල නැගීමක්ද, මානසික වෛද්‍ය ප්‍රතිකාර සදහා පහසුවෙන් යොමුවීමක්ද, සත්‍ය හෙළිදරවු වීමක්ද සිදුවන බව පර්යේෂකයන් පෙන්වාදේ.
ශ්‍රී ලංකාවේ දත්ත පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2018 පොලිස් දෙපාර්තමේන්තු කාර්‍ය්‍ය් සාධන වාර්තාව අනුව සියදිවි හානිකර ගැනීම් 2016 වසරේ 3025 ද 2017 හිදී 2586 ද 2018 වසරේ දී 3281 ද වේ. ස්ත්‍රී පුරුෂභාවය අනුව 2016 වසරේ 82% ද 2017 වසරේ 82% ද 2018 වසරේ 87% ද පුරුෂ වීම අවධානය යොමු විය යුතු කරුණකි. නමුත් සියදිවි හානි කරගත් ශිෂ්‍ය කාණ්ඩය අතුරින් බහුතරය ස්ත්‍රීන් වේ. සියදිවි හානි කර ගැනීම හේතුවන කාරණා අතුරින් ප්‍රමුඛ වන්නේ පවුල් ආරවුල්, මානසික හා ශාරිරික ආබාධ තත්වයන්, පෙම් සබදතා බිද වැටීම් හා ආර්ථික හේතුන් වේ.
ශ්‍රී ලංකාව තුල සිදුවන සියදිවි හානිකර ගැනීමට තැත් කිරීම් පිළිබඳව දත්ත සොයා ගැනීමට අපහසුය.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල දත්ත අනුව 1948 වසරේ මරණ 100,000 අතුරින් 9ක් සියදිවි හානි කරගැනීමක් වී ඇති අතර, වර්තමානයේ වන විට මරණ 100,000ක් අතුරින් 15ක් සියදිවි හානිකර ගැනීම්ය. අස්වාභාවික මරණ සඳහා පොදු කරුණ වී ඇත්තේ සියදිවි හානිකර ගැනීමයි. සියදිවි හානිකර ගැනීම ඔීනෑම වයසකදී සිදුවිය හැකි අතර, වයස 15 සිට 29 අතර පිරිසෙන් මරණය සිදුවීමට හේතුවන දෙවන කාරණය වන්නේ සියදිවි හානිකර ගැනීමයි.
කෝවිඩ් 19 පශ්චාත් බලපෑම් හා සියදිවි හානිකර ගැනීම්
මානසික සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙසද, සමාජ ප්‍රශ්නයක් ලෙසද හදුනාගෙන ඇති සියදිවි හානිකර ගැනීම සමාජ අපගාමී ක්‍රියාවකි. එය පවුලට, මිතුරන්ට, ප්‍රජාවට, සමාජයට විවිධ අහිතකර බලපෑම් ඇති කරයි. එබැවින් එය වැලැක්වීමට තනිව, ප්‍රජා මටිටමින් හා ජාතික මටිටමින් කටයුතු කල යුතු වේ.
ඒ සඳහා අදාල කරගත හැකි ක්‍රියාකාරකම් ඇතුලත් නිර්දේශ මාලාවක් ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් හඳුන්වා දී ඇත. එකී නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් කෝවිඩ 19 පශ්චාත් සමයේ සියදිවි හානිකර ගැනීම් වැලැක්වීමට බලධාරීන් හා පුරවැසියන් කටයුතු සැලසුම් කර ගත යුතුවේ.
ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන පරිදි සියදිවි හානිකර ගැනීම් වැලැක්වීමට නීතිය, අධිකරණය ,ආරක්ෂක අංශ, සෞඛ්‍යය, අධ්‍යපනය, කම්කරු අංශය, ව්‍යපාරික ප්‍රජාව, දේශපාලනය හා මාධ්‍ය යන අංශයන්හි සාමුහික ප්‍රයත්නයක් අවශ්‍ය වේ.
ලෝක සෞඛ්‍යය සංවිධානය නිර්දේශ කිහිපයක්
– ජීවිතයේ පීඩාකාරී අවස්තාවලට මුහුණ දීමේ කුසලතා දියණු කර ගැනීමට තරුණ ප්‍රජාවට සහය වීම.
– සියදිවි හානිකර ගැනීමේ උත්සාහයන් මුල් අවස්තාවේදී හදුනාගැනීම සහ එවැනි පුද්ගලයන් කළමනාකරණය කිරීම.
– මාධ්‍ය සමග සියදිවි හානිකර ගැනීමේ වාර්තාකරණ වගකීම තහවුරු කිරීම හා පුද්ගල අනන්‍යතාවය හා ක්‍රම ප්‍රසිද්ධ නොකිරීමට කටයුතු කිරීම හා සියදිවි හානිකර ගැනීම හා බැඳුනු කාරණා මාධ්‍ය මගින් හෙලිදරව් කිරීම.
– ගිනි අවි, වසවිස භාවිතය අවම කිරීම හා වෙනත් එවැනි ප්‍රවේශයන් අවම කිරීම.
– පෙර උත්සාහයන් හඳුනා ගැනීම.
– වැඩිහිටි පිරිමින්ගේ සමාජ සම්බන්ධතා වර්ධනය.
– දුරකථන මාර්ග ඔස්සේ මාර්ගෝපදේශ සැපයීම.
– දීප ව්‍යාප්ත උපදේශන සේවාවන් පුළුල් කිරීම හා රාජ්‍ය නොවන සංවිධාන වල සේවාවන් පිළිබඳ ප්‍රචාරය ලබාදීම.