Capital Law Chambers

  • Facebook
  • Google+
  • Home
  • The Firm
  • Expertise
    • Consultancy
    • Conveyancing
    • Corporate Solutions & Investments
    • Incorporations & Company Secretarial Work
    • Intellectual Property
    • Labour & Employment
    • Litigation & Arbitration
    • Private Clients
  • Our Team
  • Blog
    • English
    • සිංහල
  • Contact
post

මින් ඔබ්බට කොරෝනා ජය ගැනීමට

27 April, 2020 By Lawyer With Military Background

“බෙහෙත් ගත්තොත් සති 2යි නැතිනම් දවස් 14යි.” දිනක් මහාචාර්‍යවරයකු පැවසිය. ඒ වෛරසයක සාමාන්‍ය ස්භාවයයි. අද  වැඩිම කතා බහට ලක්වන මාතෘකාව Covid 19 වෛරසයයි.
(Co – corona, Vi – virus, D – decease, 19 – 2019)

 

සන්නද්ධ හමුදා සමච්ඡලයට

අප මාතෘ භුමියට කුමන විපතක් පැමිණියත් පළමුව  ඉදිරියට කැදවන හා  පැමිණෙන කණ්ඩායම සන්නද්ධ සේවා භටයින් බව පොදු මහජන නිරීක්ශනයයි.

පසුගිය දින කීපයේ ඉතා වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා කොරෝනා වෛරස ව්‍යප්තිය වැළැක්වීම සදහා  සන්නද්ධ හමුදා භටයින් අනුපමේය සේවයක් ඉටු කළද සිදුවු යම් ප්‍රමාද දෝෂයක් මතුකරමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ජාලවල නාවුක හමුදාව/ එහි  නිලධාරීන් ගැරහිමට ලක්කිරීම කණගාටුවට කරුණකි.

සන්නද්ධ සේවාවල සාමාජිකයින් ක්‍රියාකරනු ලබන්නේ අන්‍යන්ගේ ජිවිත අරක්ෂා කිරීම සදහා තම ජිවිතය වුවද කැපකිරිමේ චේතනාවෙන් මිස වෙනත් කිසිදු   ලාබ  ලැබිමේ අපේක්ෂාවකින් නොවන බැව් පළමුව ප්‍රකාශ කළ යුතුය.

මෙම කණ්ඩායම දැඩි විනයක් සහිතව පුහුණු කරනු ලබන බැවින් පැය 24 පුරාවටම අවි අත දරා සිටියත් කිසිම විටක එම අවිය අනවශ්‍ය ලෙස පත්තුවීමක් සිදු නොකරයි. එහෙත් සිවිල් පුද්ගලයින් භාරයේ පවත්නා අවි භාවිතාව ඊට වෙනස්වේ. එමගින් නීතිවිරෝධී බොහොදේ සිදුවන බව  මාධ්‍ය නිරතුරුව වාර්තා කරයි.

අප සන්නද්ධ සමාජිකයින් ඕනෑම සන්නද්ධ කණ්ඩායමක් හෝ කැරලි කණ්ඩායමක් සමගම මෙන්ම ඕනෑම ස්භාවික විපත් අවස්ථාවක කටයුතු කිරිමට සියලු සුදුසුකම් සපුරා තිබුනත් පියවි ඇසට හෝ අන්වික්ෂයකටද දැකිය නොහැකි ඉතා සියුම් එහෙත් විනාශකාරී වෛරසයක් සමග සටන් කිරිමට හැකි ආකාරයට අවැසි පුහුණු වීම් වලට යටත් නැති බව තතු දත්තෝ දනිති.

එවන් තත්වයක් තුල උදාර කාර්‍ය්‍ය්කට සහය දුන් කණ්ඩායමක ප්‍රමාද දෝෂයන් සමාජ මාධ්‍ය ජාලාවල හුවා දැක්විමට කටයුතු කිරිම යුතු නොවේ.

විදුරු පෙට්ටියක හිටියත් වෛරසය වැළදෙනවා ළමයෝ තවත් විටක මහාචාර්‍යතුමා පැවසයි. මෙවන් වූ වෛරස පිළිබද යතාර්ථයක් තුල  අපගේ විරෝදාර සෙබලුන්ට මෙම වෛරසය වැළදීම විශාල ගැටලුවක් කරගැනීම අවශ්‍ය නොවන බව ලියුම් කරු අදහස් කරයි.

ලෝකයේ ප්‍රබලම හමුදාවක් වන ඇමරිකන් හමුදාව තුල මේ වන විට 6213 කට ආසන්න පිරිසකට කොරොනා වෛරසය වැළදී ඇති බව හා 26 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව මාධ්‍ය වර්ථාවල සදහන්වේ

ඊට හේතුව ලෙස ලියුම් කරු දක්වන්නේ මෙම සෙබලුන් ඉදිරියේදි වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබාගන්නා බැවින් ඔවුනට මෙම වෛරසය නැවත ආසාදනයවීමට ඇති ඉඩ ප්‍රස්තාව අල්ප වන බැවින් ඔවුන්ගෙන් රටට මීට පෙර ලබාගත් සේවයට වඩා වැඩි සේවාවක් පලදායි අයුරින් ලබා ගත හැකි බවයි.

වෛරස වය්‍යාප්තිය වලැක්වීමේ කටයුතු වලදී එනම් නිරෝධායන කටයුතු වලදී මෙන්ම වෛරස් ආසාධිත අයවලුන් සෙවිමේ මෙහෙයුම් වලදී උපරිම පලදායි දායකත්වයක් රටට ලබා ගැනිමට හැකිවීම අහබු ප්‍රමාද දෝශ ආශිර්වාදයක් ලෙස සැලකීමක් විය  හැකිය.

මෙම සෙබලුන් ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස යොදාගැනිමට හැකි වීමෙන් විශාල වියදමක් දැරිය යුතු  ආරක්ෂක උපකරණ අවශ්‍ය නොවන බැවින් රජයට යම් ආර්ථික වාසියක් සිදුවේ.

එසේ නමුත් මෙම වෛරසය RNA කාණ්ඩයට අයත් බැවින් පහසුවෙන් විකෘති තත්වයන් (mutant) ඇතිවන බැවින් එම කාණ්ඩයේ අලුත් වෛරසයකට නැවත වාතාවක් මෙම සෙබලුන් ගොදුරු විය හැකි බව අමතක කළ යුතු නොවේ. එබැවින්  විශේෂ්‍ය වෛද්‍ය අංශ සමග නිරන්තර සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් පවත්වා ගැනීම හා ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීම වැදගත්‍ වේ.

 

සෙබල පුහුණුවීම

සෙබලකු සදහා ලබාදෙනු ලබන්නේ අවම මාස 3ක කාලයක පුහුණුවකි. එම කාලය තුල අවි පුහුණුව හා විධානයන්ට අනුව කටයුතු කිරීමට අවැසි පුහුණුව ලබාදේ. යම් පුද්ගලයකු යම්කිසි දෙයක් 21 වාතාවක් සිදුකර එය දින අනුවක කාලයක් පවත්වාගෙන යාම මගින් පුරුද්දක් දක්වා වර්ධනය කිරීම මෙම පුහුණු කාල සීමාවේදි සිදුකරයි.එමගින් ආයුධ අත දැරුවද විධානයක් නොමැතිව කිසිදු අවස්ථාවක එම ආයුධ භාවිතා නොකරයි. තවද සමුහයක් සමග එකම ආකාරයට වැඩකිරිමටත් ඕනෑම අභියෝගාත්මක කටයුත්තකට මුහුණ දීමටත් හැකියාව පවත්නා  පුහුණුව මගින් ලබාදේ. තවද විශේෂිත නීති පද්ධතියක් (Military Law) මගින් පාලනය කරනු ලබන බැවින්  නීතිවිරෝධි කටයුතු සිදුවීමේ  ඉඩකඩ අවම වේ. තවද ඉතාමත්ම සංවිධනාත්මකව ගොඩනගන ලද වියුහයකින් සමන්විත ආයතනයක් මගින් සියලු කටයුතු පාලනය කරනු ලබන බැවින් හා විවිධ මට්ටමේ අධික්ෂණයන්ට භාජනය වන බැවින් අතපසුවීමක් සිදුවවීමට ඇති ඉඩ ප්‍රස්තාව ඉතාම අල්පවේ.

 

ඩිජිටල්කරණය හා කොරෝනා කළමණාකරණය

ඩිජීටල් කරණය වෙමින් පවතින නව ලොවට ගැලපෙන ආකරයට සම්භන්ධිත සියලු ආයතන සංවිධානය කිරිම මේ මොහොතේ පවතින අභියොගයක් වුවත් සුලු වෙනස්කම් කීපයකින් එය ජයගත හැකිය.

ඒ සදහා කඩිනමින් සියලුම පර්ශවයන් එකරාශි කර කටයුතු කලහැකි ඩිජිටල් පැලැට්පෝමයක්  නිර්මාණය කර ගත හොත් එකවිට  කොරොනා වෛරසය සමග සටන් වදින සියලුම ආයතනවලට එකට සම්බන්ධවී තොරතුරු හුවමාරු කරගැනීමට මෙන්ම ලාංකීය පුරවැසියන්ට හා ස්වේච්ඡා සංවිධාන වලටද මෙම කර්තවය සදහා පොදුවේ සම්බන්ද විමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.

එසේම මෙම සියලුම ආයතනවල සේවය කරනු ලබන මෙම කරුණු සම්බන්ධව සුවිශේෂි දැනුම සහිත අයවලුන්ගෙන් සමන්විත සංචිතයක් නිර්මාණය කර ඒ හරහා දැනුම මෙන්ම නිසි උපදෙස් අවැසි සෑම මොහොතකම ලබාදීමට හැකියාව නිර්මාණය කරගත හැකිවේ.

සෞඛ්‍ය අමාත්‍යංශය හා එහි දෙපාර්තමේන්තු හා ඒකක ,රෝහල් පද්ධතිය හා රෝහල් කාර්්‍යමණ්ඩල , ගිලන් රථ ,පරික්ෂණාගාර , නිරෝධායන මධ්‍යස්ථාන ,පොලිසිය, ත්‍රිවිද හමුදාව , ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල හා අනෙකුත් සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ලංකාව මුලුල්ලේ ඇති සියලු තොරතුරු ජාලගත පද්ධතියක් මගින් කඩිනමින්  ලබාගැනිමටත් ඒ අනුව කටයුතු කිරිමටත් ඉඩ ප්‍රස්තාව හිමිවේ.

චීනය, දකුණු කොරියාව හා ජර්මනිය වැනි රටවල් මේවන් පැලැට්පෝමයන්  මේවන විට  නිර්මාණය කර භාවිතා කරණු ලබයි.

 

නිර්දේශ

  1. ජිවවිද්‍යාත්මක යුධ ප්‍රහාරයන්ට මුහුණ දීමට හැකිවන පරිදි දැනට සන්නද්ධ අංශ වල පවතින පුහුණු කිරිමේ ක්‍රමවේදය හා පුහුණු කිරීමේ කාලසිමාවන්, පුහුණු කළ යුතු උපකරණ හා එවැනි පුහුණු ලබාදිම හා ඒ සදහා  සුවිශේෂි පුහුණු කරුවන් වැනි දේ කඩිනමින් සොයබැලිම මගින් පුහුණු වීම් ප්‍රතිනිර්මාණය කිරීම

 

  1. සාර්ථක විදේශීය ක්‍රියාකාරකම් අධ්‍යනය කර කොරෝනා ව්‍යසනය කළමණාකරණය සදහා  ඩිජිටල් වේබ්  පැලැට්පෝමයක් හා සම්බන්ධ ඇප් මුර්දුකාංගයක් කඩිනමින් සකස් කිරීමට  කටයුතු කිරීම.

 

 (ලියුම් කරු ජීව විද්‍යා උපාධිධාරි, නීතීඥයකු වන අතර සන්නද්ධ සේවයේ හා පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකු ලෙස දීර්ගකාලීන අත්දැකීම් ලැබූවෙකි)

Filed Under: සිංහල, Covid-19

Expertise

  • Consultancy
  • Conveyancing
  • Corporate Solutions & Investments
  • Incorporations & Company Secretarial Work
  • Intellectual Property
  • Labour & Employment
  • Litigation & Arbitration
  • Private Clients

Recent Posts

  • Introduction
  • Self determination of own income tax liability
  • Disentangling the tax web
  • Rethinking of how, when and where your work can be done
  • කොවිඩ් වසංගතය තුළින් මතුවන සේවා සමාප්තිය පිළිබද ගැටලුව : ශ්‍රී ලංකාවේ නීති තත්වය
  • Employment Laws; How other jurisdictions have addressed this situation amid Covid-19
  • කොවිඩ් 19, සේවක අයිතිවාසිකම් හා නීතිමය අභියෝග
  • තෑගි ඔප්පු අවලංගු කල හැකිද?
  • Right to health of Sri Lankan migrant workers in the backdrop of Corona
  • කොවිඩ් 19 – ව්‍යවස්ථා අර්බුදය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාම
  • Entrepreneurs! Do you know the value of information?
  • Entrepreneurs! Up your attitude and motivation in the context of Covid 19 and beyond!