Capital Law Chambers

  • Facebook
  • Google+
  • Home
  • The Firm
  • Expertise
    • Consultancy
    • Conveyancing
    • Corporate Solutions & Investments
    • Incorporations & Company Secretarial Work
    • Intellectual Property
    • Labour & Employment
    • Litigation & Arbitration
    • Private Clients
  • Our Team
  • Blog
    • English
    • සිංහල
  • Contact
post

නිරෝධායන ආඥා පනත

12 April, 2020 By Jagath Liyana Arachchi (AAL)

Jagath Liyana Arachchi –LL.B , AAL

 

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත- Quarantine and Prevention of Diseases Ordinance– Act no 3 of 1897

මෙම පනත හදුන්වාදෙන ලද්දේ 1897 පෙබරවාරි මස 9 වනදාය.  ඉන් පසුව මෙම පනත 1971 අංක 7 .1919 අංක 14,1920 අංක 14,1936 අංක13,1939 අංක 11,1941 අංක 5,1943 අංක 38 හා 1952 අංක 12 දරණ සංශෝධන පනත මගින් තවදුරටත් සංශෝධනය  වී ඇත.පසුව 2005 අංක 12 දරණ දඩ වැඩිකිරීමේ පනත මගින්ද මෙම පනතේ 5 වන වගන්තිය සංශෝධනය කර තිබේ.

ශ‍්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර සෞඛ්‍යය රෙගුලාසි වලට අනුකූළව අන්තර්ජාතිකව පැතිරෙන රෝග වැළැක්වීම පාලනය හා එවැනි රෝගවලින් ආරක්‍ෂාවීම සදහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට 2016 නොවැම්බර් මස 29 වන දින කැබිනම් මණ්ඩලය තීරණයක් ගත්තද එවැනි සංශෝධනයක් මෙම පනතට සිදුකර නොමැත.

සියලූම ආකාරයේ  ස්පර්ෂයෙන් බෝවෙන හෝ ආසාධිත රෝග ශ‍්‍රි ලංකාව තුල හා ඉන් පිටතදී පැතිරීම වැලැක්වීම සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීම සදහා මෙම පනත පනවා ඇති බව පනතේ හැදින්වීමේ සදහන් වේ.

 

නිරෝධායන නියෝග

පනතේ දෙවන වගන්තියට අනුව රෝග බෝවීම වැළැක්වීම සදහා අදාල වන නියෝග පැනවීම අමාත්‍යවරයාට සිදුකල හැකිය. එම නියෝග පැනවිය හැකි කරුණු 19 ක් පිලිබදව පනතේ තුන්වන වගන්තියේ දක්වා තිබේ. පනතේ 12 වන වගන්තියට අනුව අමාත්‍යවරයා විසින් පනවන නියෝග ගැසට් පත‍්‍රයේ පලකල යුතුය. මේ වන විට නිරෝධායන නියෝග 10ක් පමණ වරින්වර ගැසට්පත‍්‍රවල පලකර ඇත.

මෙම ආඥාපනත යටතේ පනවන ලද ඔිනෑම  නියෝගයක් බලාත්මක කිරීම හෝ ක‍්‍රියාත්මක කිරීමේ බලතල මහ නගර සභාවකකට හෝ පලාත් පාලන ආයතනයකට යම් සීමාවන්ට යටත්ව  පැවරීමේ බලය අමාත්‍යවරයාට පවතින බව පනතේ 11 වන වගන්තියෙන් දක්වයි.

 

පනත යටතේ වැරදි

පනතේ 5 වන වගන්තිය මෙම පනත යටතේ වන වැරදි මොනවාද යන්න හදුන්වාදෙයි.

1 යම් පුද්ගලයකු නීත්‍යානුකූල බලයක් හෝ හේතුවක් නොමැතිව පනත යටතේ පනවන ලද නියෝගවලට පටහැනි ලෙස කටයුතු කිරීම.

2 පනත යටතේ හෝ නියෝග වලට පටහැනි ලෙස යම් දෙයක් කිරීම හෝ නොකර හැරීම

3 පනත යටතේ පත්කර ඇති පරීක්‍ෂකවරයකුගේ කාර්යයට බාධා කිරීම හෝ විරුද්ධත්වය පෑම

4 මෙම පනත යටතේ යම් ප‍්‍රතිපාදනයක් ක‍්‍රියාවට නගන පොලිස් නිළධාරියකුට විරුද්ධවීම හෝ බාධා කිරීම

මෙම වැරදි වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි වැරදි වන අතර අත් අඩංගුවට ගත් පසු හැකි ඉක්මනින් මහේස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කල යුතු බව පනතේ 6 වන වගන්තියෙන් දක්වයි.

 

වැරදි සදහා දඩුවම්-

2005 අංක 12 දරණ දඩු වැඩිකිරීමේ පනත මගින් නිරෝධායන පනතේ 5 වන වගන්තිය  සංශෝධනය වූ අතර ඒ අනුව පනත යටතේ වන නියෝග කඩ කිරීමක් සම්බන්ධයෙන් දඩුවම වන්නේ රුපියල් දස දහසකට නො අඩු දඩයක් සහ සය මසකට නොඅඩු සිරදඩුමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැකිය.

 

ගෘහමූලිකයින්ගේ වගකීම

පනතේ 7 වන වගන්තිය දක්වන්නේ යම් පුද්ගලයකුට රෝගයක් පවතින බව එම රෝගී වූ පුද්ගලයාගේ භාරකරු දැනගෙන සිටි බවට උපකල්පනයක් පවතින බවයි. ඒ අනුව එම උපකල්පනය අධිකරණයක් ඉදිරියේ කරුණු ඉදිරිපත්කර බිද හෙලන තෙක්ම බලාත්මක ලෙස සලකනු ලැබේ.

Filed Under: සිංහල, Covid-19

Expertise

  • Consultancy
  • Conveyancing
  • Corporate Solutions & Investments
  • Incorporations & Company Secretarial Work
  • Intellectual Property
  • Labour & Employment
  • Litigation & Arbitration
  • Private Clients

Recent Posts

  • Introduction
  • Self determination of own income tax liability
  • Disentangling the tax web
  • Rethinking of how, when and where your work can be done
  • කොවිඩ් වසංගතය තුළින් මතුවන සේවා සමාප්තිය පිළිබද ගැටලුව : ශ්‍රී ලංකාවේ නීති තත්වය
  • Employment Laws; How other jurisdictions have addressed this situation amid Covid-19
  • කොවිඩ් 19, සේවක අයිතිවාසිකම් හා නීතිමය අභියෝග
  • තෑගි ඔප්පු අවලංගු කල හැකිද?
  • Right to health of Sri Lankan migrant workers in the backdrop of Corona
  • කොවිඩ් 19 – ව්‍යවස්ථා අර්බුදය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාම
  • Entrepreneurs! Do you know the value of information?
  • Entrepreneurs! Up your attitude and motivation in the context of Covid 19 and beyond!