Capital Law Chambers

  • Facebook
  • Google+
  • Home
  • The Firm
  • Expertise
    • Consultancy
    • Conveyancing
    • Corporate Solutions & Investments
    • Incorporations & Company Secretarial Work
    • Intellectual Property
    • Labour & Employment
    • Litigation & Arbitration
    • Private Clients
  • Our Team
  • Blog
    • English
    • සිංහල
  • Contact
post

නිරෝධායන ආඥ පනත යටතේ නිරෝධායන නියෝග

12 April, 2020 By Jagath Liyana Arachchi (AAL)

Jagath Liyana Arachchi LL.B,MA, Attorney-at-Law, Visiting Lecturer (Media Law)

නියෝග පැනවීමේ බලතල

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ (222 අධිකාරිය ) 2 වන වගන්තිය යටතේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා වෙත නිරෝධායන නියෝග පැනවීමේ බලය ලබාදී ඇත. මෙම වගන්තිය යටතේ පනවනු ලබන නියෝග ගැසට් පත‍්‍රයේ පලකල යුතු බව පනතේ 12 වන වගන්තියේ සදහන් වේ.

නිරෝධානය නියෝගයන්හි විෂය පථය

රෝගී තැනැත්තන් වෙන්කර තැබීම පිළිබදව, මියගිය පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් කිරීම හෝ ආදාහනය කිරිම පිලිබදව, යනාදී වශයෙන් විෂය කරුණු 19ක් පිලිබදව නිරෝධායන නියෝග පැනවිය හැකි බව පනතේ 3 වන වගන්තිය දක්වයි.

පනවා ඇති නිරෝධායන නියෝග

දැනට පවනා ඇති නිරෝධායන නියෝග  “ නිරෝධායන ඒකකයේ”වෙබ් අඩවීයේ පලකර ඇත ඒ අනුව ඒහි සදහන් වන නිරෝධායන නි‌යෝග වන්නේ

1-            ස්භාවිකත්වය පවත්වාගැනීම පිලිබද නියෝග(Regulations Relating to the keeping of  Nature) 1940 අගෝස්තු 20 දින අංක 1657 දරණ ගැසට් පත‍්‍රය

2-         ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නිරෝධායන නියෝග හා ඇන්චිලොස්ටොමියාසිස් සම්බන්ධයෙන් වන නියෝග (^Quarantine Regulations: Regulations Relating to the Storage of Grain, and regulations relating to Anchylostomiasis ) –  1925 අගෝස්තු මස 28 වන දින, අංක 7481 දරන ගැසට් පත‍්‍රය

3-         යාත‍්‍රාවන් තුල නිරෝධායනය පිළිබද නියෝග( Regulations Relating to Vessels in Quarantine) 1930 අගෝස්තු 9 දින අංක 7197 දරණ ගැසට් පත‍්‍රය

4-         මහාමාරිය සම්බන්ධයෙන් වන නියෝග( Regulations Relating to Plague) 1933 ජූලි මස 7 වන දින, අංක 7001 දරන ගැසට් පත‍්‍රය

5-         ලංකා නිරෝධායන  නියෝග (Ceylon Quarantine Regulations) – 1914 ජූලි 31 වන දින අංක 6,635 දරණ ගැසට් පත‍්‍රය

6-         නිරෝධානය(ගුවන් යානා)  නියෝග(The Quarantine (Aircraft) Regulations-) 1948 අප්‍රේල්  1 වන දින අංක 8883 දරණ ගැසට් පත‍්‍රය

7-         කොළරා ( වැළැක්වීමේ ක‍්‍රියාමර්ග) නියෝග (The Cholera (Preventive Measures ) regulations)  1943 අගොස්තු 12 වන දින අංක 9157 දරණ ගැසට් පත‍්‍රය

8-         ටයිපොයිඞ් උණ ( වැළැක්වීමේ ක‍්‍රියාමර්ග) නියෝග (^The Typhoid Fever (Preventive Measures ) regulations ) –1943 අගොස්තු 12 වන දින අංක 9157 දරණ ගැසට් පත‍්‍රය

9-         සමාජ රෝග නියෝග( ^ The Venereal Disease Regulations) 1943 අගෝස්තු මස 13 වන දින, අංක 9157 දරන ගැසට් පත‍්‍රය

10-       මදුරුවන්ගෙන් බෝවන රෝග (වැළැක්වීමේ)  නියෝග( ^ The Mosquito Bourne Diseases (Prevent) Regulations -1946 ජුනි මස 21 වන දින, අංක 9570 දරන ගැසට් පත‍්‍රය.

. ( http://www.quarantine.health.gov.lk/images/pdf/q_act.pdf )

11.1960 නිරෝධායන නියෝග ( =Quarantine Regulations -1960& ( 1925 මැයි 6 වන දින අංක 12,125 දරණ ගැසට් පත‍්‍රය

සැ:යු:  මෙම නියෝගය සම්බන්ධව සෞඛ්‍යය අමාත්‍යතුමිය විසින් 2020 මාර්තු 20 හා 21 දිනවල ප‍්‍රසිද්ධ කරන ලද ගැසට් පත‍්‍රවල සදහන් කර තිබුණද එකී නියෝගය සොයා ගත නොහැකි වී ඇත.

නව නිරෝධායන නියෝග

1-         කොරෝනා වසංගතය පැමිණිමත් සමග සෙඛ්‍ය අමාත්‍යතුමිය විසින් 2020 මාර්ත මස 20 වන දින අ.ංක 2167/17  දරණ ගැසට් පත‍්‍රය මගින්  1925 ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ නිරෝධායන නියෝග හා ඇන්චිලොස්ටොමියාසිස් සම්බන්ධයෙන් වූ නියෝග සහ 1960 නිරෝධායන නියෝග යටතේ වූ නිවේදනය ක් නිකුත් කරමින් ඉහත කී නිරෝධායන රෙගුලාසි මත කොරෝනා වෛරස් රෝගය (කොවිඞ් – 19* නිරෝධායනීය රෝගයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.

2-         පසුව 2020 මාර්තු 25 දින අංක 2168/6 දරණ  අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් පැරණි නියෝග තුනක සදහන් නිසි බලධාරීයා යන්නෙහි අර්ථකථනය වඩාත් පුලුල් කරන ලදී.

Filed Under: සිංහල, Covid-19

Expertise

  • Consultancy
  • Conveyancing
  • Corporate Solutions & Investments
  • Incorporations & Company Secretarial Work
  • Intellectual Property
  • Labour & Employment
  • Litigation & Arbitration
  • Private Clients

Recent Posts

  • Introduction
  • Self determination of own income tax liability
  • Disentangling the tax web
  • Rethinking of how, when and where your work can be done
  • කොවිඩ් වසංගතය තුළින් මතුවන සේවා සමාප්තිය පිළිබද ගැටලුව : ශ්‍රී ලංකාවේ නීති තත්වය
  • Employment Laws; How other jurisdictions have addressed this situation amid Covid-19
  • කොවිඩ් 19, සේවක අයිතිවාසිකම් හා නීතිමය අභියෝග
  • තෑගි ඔප්පු අවලංගු කල හැකිද?
  • Right to health of Sri Lankan migrant workers in the backdrop of Corona
  • කොවිඩ් 19 – ව්‍යවස්ථා අර්බුදය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාම
  • Entrepreneurs! Do you know the value of information?
  • Entrepreneurs! Up your attitude and motivation in the context of Covid 19 and beyond!